එක පවුලක් හිටියා.. අම්මයි, තාත්තයි, ආදරේ හිතෙන කොලු පැටියෙකුයි.. ගහන්නෙ බනින්නෙ නැතුව හැදුවෙ තියන ආදරේට...
පොඩි කාලෙ ඉදලා ඇඞෙව්වෙත් නෑ.ඒ තරමට ආදරේ.
මෙහෙම කාලයක් ගියා...
දැන් කොලු ගැටයා අම්මට විතරක් නෙවෙයි තාත්තා ගානටම උසයි...
හැමදාම වගේ අම්මා එදත් පටන්ගත්තා ළමයගෙ පොත් බලන්න..
“ අනේ අම්මා මොනාද දන්නේ...? ආහ් ..
ඇයි පුතා...?
ඕවා බලලා අම්මා දන්නෙ වැරදි ගණන්කරලා ඒවට එක එක ඒව කියන්න විතරයිනෙ..
එහෙම හරි කියන නිසානෙ පුතා නිකමට හරි පොතක් බලන්නෙ පුතේ..
අනේ අම්මා ඒ පොඩි කාලෙ.. දැන් තියන කිසි දෙයක් ඔයාට තේරෙන්නෙ නෑ.. කෝ ඕක දෙන්න...
එහෙම සංවාදය ගිහින් අන්තිමේදි පුතා පොත උදුරගෙන කාමරේට ගිහින් සද්දෙට දොරත් වහගත්තා..
මෙහෙම කාලයක් ගියා.. ඒ අම්මලගෙ සිගිති පුතා දැන් අවුරුදු ව්ස්සක ව්තර කොලු ගැටයෙක්..
ඒත් එන්න එන්නනම් පුතාගෙ හැසිරීම නම් නරක් වුණා.. දුකයි දෙමාපියො දෙන්නට.. ආදරෙන් හදපු පුතානේ..
කොල්ලා දෙවෙනි සැරේට දැන් ඒ උසස්පෙළ කරනවා...
දවසක් පුතා පන්ති සල්ලිත් කලින්ම ගෙදරින් ගියේ මහ හදිස්සියෙන්..
රෑ වෙනකනුත් පුතා නෑ..ගෙදර අය කලබල වෙලා..
රෑ දෙගොඩ හරියෙ ඇවිත් කතාවක් නැතුව කාලා නිදා ගත්තා..
අනේ අසරණ දෙමාපියො දෙන්නට එන්න එන්නම මේ කොල්ලා දෙන්නෙම දුකමයි...
ආහ් දැන් කොල්ල කොණ්ඩෙ ටින් කරලා.. පොඩි පච්චෙකුත් ගහල.ටිවුෂන් ක්ලාස් එකේම ගනන්කාරයා..
පුරුදුදට වගේ පොත් අරන් බලන්න අම්මට හිතිල පොතක් ගත්තා...
අනේ අම්මෙ මගෙ ඒව අදින්න එපා..
නිකම් බැලුවෙ මගෙ පුතේ..
අනේ අම්මෙ ඔය කම්බයින් මැත්ස්... අහලවත් තියනවද??
ආහ් මගෙ පුතා කියල දෙන්නකෝ
අනේ මේ ඔය වයසට මොන කම්බයින් මැත්ස් ද? හුහ්
ඒ කථාව පුතාට අම්මා විහිලුවට කිව්වට ප්‍රතිචාරෙටනම් හිත රිදුණ අම්මගෙ හොදටම.. අනේ ඇහැට කදුලකුත් ආව..
ඔව් පුතේ.අම්මට වයසයි...
ඕව බලලා උපදෙස් දෙන්නේ නිකම් තේරෙනව වගේනේ..අම්ම වත් කරලද? සහතිකයක්වත් තියනවද අඩු ගානේ....
අම්මගෙ කෝලම් එපා වෙලා මටනම්..
තියනව පුතේ...!
මොකක්ද?
සහතිකයක්..
මොකක් හෙහ්..
එන්න පෙන්නන්න..
...........
කදුළු පිරුණු දෙනෙතින් අම්මා තම කාමරයට යයි.පුතා කවදාවත් නොදුටු සහතිකය දැකීමට මුවගට හසරැල්ලක්ද නගා ගනිමින් මව අනුගමනය කරයි..
මේ තියෙන්නේ..
මේ මොනවද?
හොදට බලන්න...
මේ කණ්ණාඩියක්නේ....ආහ්.පේන්නේ මාවමනේ. විහිලුවක්ද මාව?
පොඩි කාලෙ ඉදල දුකක් නොදී ආදරෙන් හදපු එකට උඹ
මට දුන්නු සහතිකේ තමයි මේ...
රස්තියාදු කාරයා..
No comments:
Post a Comment