කළු පාට කියන්නේ
අඳුරු දෙයක් නෙවෙයි.
කළු පාට කියන්නේ
මතක තියාගන්න පුළුවන් පාටක්.
මතකද
දන්නේ නෑ
මේක කියවන ඔයාලට—
අර
විශ්මය ජනක
කළු පූසා.
එයා
කවදාවත් ඉක්මනින් යන්නේ නැහැ.
කවදාවත් පරක්කු වෙන්නේත් නැහැ.
ඒක
මෙතන කාලය ගමන් කරන විදිහට
සමානයි.
සමහර වෙලාවට
මට හිතෙනවා එයාට
මෙතන ඉන්න හැමෝම ගැන
ඇත්තටම දැනෙනවා කියලා.
කවුද අසනීප
කවුද බියෙන් ඉන්නේ
කවුද නිහඬව බිඳෙන්නේ—
එයාට
ඒවා දැනෙනවා වගේ.
එයා
හැමෝම ඉන්නේ
මොන මොන ලෝක වලද කියලා
දන්නවද කොහෙද.
ඒත්
එයා
මොන ලෝකෙක
කොතන ජීවත් වෙනවද කියලා
කවුරුත් දන්නේ නැහැ.
වචනෙන් කියවෙන්නේ නැති දෙයක්
දැනෙන්න
ඒත්තු ගන්වනවා.
ඊට පස්සේ
ඒක නැති වෙනවා..
ඒක
කවදාවත් explain වෙන්නේ නැහැ.
දුරක
තවත් යුද්ධ තියෙනවා.
ඒත්
පුපුරන බෝම්බ,
පණ අදින විලාප—
හරිම ලඟින්
මට අහෙනවා.
නිහඬව නැති වෙලා යනවා.
නූපන් දරුවන් පවා.
සමහර මිනිස්සු
ඇයි මැරෙන්නේ කියලා
දන්නෙවත් නැතුව
මිය යනවා.
ඒක
අයුක්ති සහගතද?
බලය
ආයුධ
තාක්ෂණය—
ඒවා
ජීවිත රැකගන්න
තිබිය යුතු දේවල්.
ඒත්... හ්ම්...
මට හිතෙනවා—
අපි
මෙච්චර බුද්ධිමත් වෙලාත්
අපිට
අනිත් කෙනාගේ වේදනාව
දැනෙන්න බැරි වෙන්නේ ඇයි කියලා.
ඒකට පිළිතුරක්
කවුරුත් දෙන්නේ නැහැත් නෙවෙයි දන්නෙ නැහැ වගේ ඉන්නවා...
ආහ් පූසා
එයා
ඒක ගැන හිතන්නේ නැහැ.
"ඤාව්"
එතනින් පස්සේ
ඒක අවසන්.
ඒක
ප්‍රශ්නයක් නෙවෙයි.
ඒක
පිළිතුරක් වගේ.
සමහර වෙලාවට
සහකම්පනය කියන්නේ
පැහැදිලි කරගන්න ඕන දෙයක් නෙවෙයි.
ඒක
සිද්ධ වෙන දෙයක්.
කළු පාට පූසත්
ඒක දන්නවා.
අපි
තවමත් හොයනවා.
ඇත්තටම
මේක මම ලියන්නේ
මටම.
ගණන් ගන්න එපා.
හවස් වෙනකල්ම
ඉන්න ඕන
මෙතන.
ඤාව් ❤️🙏






