Thursday, July 7, 2022

හරි පැත්තේ හිටගමු!

වැටුපට මිනී මරණ දනන්
නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද
කුමටද නුඹ පලදින තරු....


හොරු නොරැක මහජවතාව පැත්තේ හිටගමු!
 

Tuesday, June 28, 2022

පුරවැසියන් හැටියට මහජනතාවගේ පැත්තේ හිටගත යුතුමය....


මචං,
අපි ඔක්කොම
බයියෝ,ටොයියෝ, ජෙප්පෝ සහ පෙරට්ටෝ ලෙසද
සිංහල බෞද්ධ,සිංහල කතෝලික දෙමළ
හිංඳු මුස්ලිම් ලෙසද
බෙදී පිල් හදාගෙන
ධනවාදය, සමාජවාදය, නොයෙක් දර්ශන මත දේශපාලනික මත දරමින්
චිරාත්කාලයක් කුලල් කාගනිමින් ඉන්න මිනිසුන් ය.

එහෙත් අප සැම පොදුවේ එකඟවිය යුතු සාදනීය සහ යතාර්ථවාදී
සත්යයක් ඇත.
කවුරුන් හෝ වේවා හිංසනයට , මර්ධනයට,බලපෑම් වලට
අසාධාරණයට ලක් වූවොත්
උන් වෙනුවෙන් මිනිසුන් වශයෙන් කතා කල යුතුය.
පක්ෂ පාට ආගම් කුල නොබලා
පුරවැසියන් හැටියට
මහජනතාවගේ පැත්තේ හිටගත යුතුමය....



ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කල යුතුය..!

අන්ත අසරණ වූ මොහොතක
මහජනතාවට තව තවත් පීඩා දෙමින් කවුරුන් හෝ සැප විඳිනවා නම්
රට, සමාජය වෙනුවට තම තමන් පමණක් දියුණු කරගන්නවා නම්,
රට හදනවා වෙනුවට විකණනවා නම්
එයට විරුද්ධව හඬ නැගිය යුතුය.
දූෂණ , වංචා,අක්රමිකතා පිටුදැකිය යුතුමය!

රටේ පුරවැසියන් වෙනුවෙන් නැගී සිටිය යුත්තේ එම රටේ පුරවැසියන්මය....
වැරැද්ද දුටු තැන ප්රශ්න කරනාවනම් මොකා බලයට ආවත් හරියට වැඩ කරනු ඇත!

ලොකු මිනිහාට තුනට හතරට නැවෙන නීතිය
පොඩි මිනිහාව උස්සන් විසි කර
පාගා දමන ආකාරයට එරෙහි විය යුතුය..


අප දැන් නිහඬ නම්
එම අසාධාරණය දිනක ඔබ අප සොයා ගෙන ආ තැන
ඔබ අප වෙනුවෙන් කතා කරන්න
එකෙක් ඉතිරි නොවනු ඇත! 

Thursday, June 23, 2022

අදහස් ලෝඩ් කරගන්න!


 අදහස්, මත, විවේචන, කර්ක ලියන්න කියන්න බය වෙන්න ඕනද?

නැත්තම් බය කිරිල්ලක් මර්ධනයක් යනවද?

එහෙම කරවනවා නම් හිත්තවනවා නම් ඒකත් ත්රස්තවාදයක්!

කතා කරන්න හිතෙද්දිත් කට පුක වහන් හිටපං කියල යටි හිතින් සිග්නල් එකක් දෙන ගානට අපිව බය කරලා...
නැත්තම් ඔව්ව වෙනස් කරන්න බෑ බං කියලා
හිතට තමන්ම කියන ගානට
පසුගාමියො කරලා...
වහල්ලු කරලා!

නැත්තම් ජනප්රිය දෙයක් හරි , දෙයක් බලෙන් මාධ්ය හරහා ජනප්රිය කරල රැල්ලක් හදනවා අනිත් ප්රශ්න සේරම අරකට අමතක වෙලා යන්න!!!

එහෙමත් නැත්තම්
තියන ප්රශ්න වැහෙන්ඩ ප්රශ්න පිට ප්රශන දාලා ඔලුව හිල් කරලා ලෝඩ් එක වැඩි වෙද්දි පල්ලෙහායින් ගලාගෙන ගිහින් අමතක වෙන්ඩ.

"උඹට පුලුවන් දෙයක් කරපං අපි බය නෑ! " කියලා නීතියටවත්, පොලීසියටවත් බය නැති උන්, නීතිය නවන උන් , නිදියන වුන් අදහස් වලට බය මෙච්චර???

ඇයි වෙනස් මිනිස්සුන්ට බය?

මොකද අදහස් තමයි ලෝකයේ ඕනම සමාජයක පුනරුදයක් ඇති ක⁣රන්නේ...

අදහස් තමයි මේ චෞර වංශයම දවසක බිමට ඇදලා දාලා යහපත් සමාජයක් හදන්න මුල පුරන්නේ!

අතීතයේ රැදී නොසිට වර්ථමනය ප්රශ්න කරමින්
වඩා හොඳ අනාගතයක් හදන්න උත්සහ කරන්නේ...

ඉතින් දැනෙනවද දෙයක්?

කතාකරපල්ලා ඒ ගැන!

#breakthesilence 🤘🖤