Thursday, March 19, 2026

ඤාව් ❤️

 

කළු පාට කියන්නේ

අඳුරු දෙයක් නෙවෙයි.

කළු පාට කියන්නේ

මතක තියාගන්න පුළුවන් පාටක්.


මතකද

දන්නේ නෑ

මේක කියවන ඔයාලට—

අර

විශ්මය ජනක

කළු පූසා.


එයා

කවදාවත් ඉක්මනින් යන්නේ නැහැ.

කවදාවත් පරක්කු වෙන්නේත් නැහැ.


ඒක

මෙතන කාලය ගමන් කරන විදිහට

සමානයි.


සමහර වෙලාවට

මට හිතෙනවා එයාට

මෙතන ඉන්න හැමෝම ගැන

ඇත්තටම දැනෙනවා කියලා.


කවුද අසනීප

කවුද බියෙන් ඉන්නේ

කවුද නිහඬව බිඳෙන්නේ—

එයාට

ඒවා දැනෙනවා වගේ.


එයා

හැමෝම ඉන්නේ

මොන මොන ලෝක වලද කියලා

දන්නවද කොහෙද.


ඒත්

එයා

මොන ලෝකෙක

කොතන ජීවත් වෙනවද කියලා

කවුරුත් දන්නේ නැහැ.


වචනෙන් කියවෙන්නේ නැති දෙයක්

දැනෙන්න

ඒත්තු ගන්වනවා.


ඊට පස්සේ

ඒක නැති වෙනවා..


ඒක

කවදාවත් explain වෙන්නේ නැහැ.


දුරක

තවත් යුද්ධ තියෙනවා.


ඒත්

පුපුරන බෝම්බ,

පණ අදින විලාප—

හරිම ලඟින්

මට අහෙනවා.


නිහඬව නැති වෙලා යනවා.

නූපන් දරුවන් පවා.


සමහර මිනිස්සු

ඇයි මැරෙන්නේ කියලා

දන්නෙවත් නැතුව

මිය යනවා.


ඒක

අයුක්ති සහගතද?


බලය

ආයුධ

තාක්ෂණය—

ඒවා

ජීවිත රැකගන්න

තිබිය යුතු දේවල්.


ඒත්... හ්ම්...


මට හිතෙනවා—

අපි

මෙච්චර බුද්ධිමත් වෙලාත්

අපිට

අනිත් කෙනාගේ වේදනාව

දැනෙන්න බැරි වෙන්නේ ඇයි කියලා.


ඒකට පිළිතුරක්

කවුරුත් දෙන්නේ නැහැත් නෙවෙයි දන්නෙ නැහැ වගේ ඉන්නවා...


ආහ් පූසා 


එයා

ඒක ගැන හිතන්නේ නැහැ.


"ඤාව්"


එතනින් පස්සේ

ඒක අවසන්.


ඒක

ප්‍රශ්නයක් නෙවෙයි.


ඒක

පිළිතුරක් වගේ.


සමහර වෙලාවට

සහකම්පනය කියන්නේ

පැහැදිලි කරගන්න ඕන දෙයක් නෙවෙයි.


ඒක

සිද්ධ වෙන දෙයක්.


කළු පාට පූසත්

ඒක දන්නවා.


අපි

තවමත් හොයනවා.


ඇත්තටම

මේක මම ලියන්නේ

මටම.


ගණන් ගන්න එපා.

හවස් වෙනකල්ම

ඉන්න ඕන

මෙතන.


ඤාව් ❤️🙏

Thursday, February 26, 2026

ස්තූතිය


අම්මා ඇතුළට ගිය පසු

දොරවල් හැමවිටම වගේම නිහඬව වැහෙනවා,

කාලය එතැන



බිත්තියේ ඔරලෝසුවක් නැතුවත්

දිගටම ගමන් කරනවා..


එතැනින් ටිකක් දුර

කළු පාට පූසෙක්

මුලින් මාව නොදැක්කා වගේ ජීවත් වුණා

මමත්

මගේ බිය

මගේ නිහඬ ප්‍රශ්න

ඇතුළත තියාගෙන හිටියා

දැන්

මාව දැක්කම

එයා ලඟට ඇවිත්

බැල්මක් දාලා


"ඤාව්" 


කියලා ආයෙත් නොදන්නා තැනකට අතුරුදහන් වෙනවා,

එක විනාඩියක් පමණක්

මගේ ලෝකය බිඳීඌ

 දිහා ඉබේටම බැලෙනවා


"හැමදේම හරියයි" කියනවා!


සමහර වෙලාවට

ජීවිතේ

අපිව රැකගන්නේ

මිනිස්සු නොව

නැවතත් නොපැමිණෙන

පූසන්ගේ කෙටි බැල්මකින්!


ඉතින්

නමක් නැති පූසෝ—

මට මතක් කරපු නිසා

තවමත්

මම මෙතන ඉන්නවා කියලා


ස්තූතියි! ❤️🙏

Thursday, July 7, 2022

හරි පැත්තේ හිටගමු!

වැටුපට මිනී මරණ දනන්
නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද
කුමටද නුඹ පලදින තරු....


හොරු නොරැක මහජවතාව පැත්තේ හිටගමු!
 

Tuesday, June 28, 2022

පුරවැසියන් හැටියට මහජනතාවගේ පැත්තේ හිටගත යුතුමය....


මචං,
අපි ඔක්කොම
බයියෝ,ටොයියෝ, ජෙප්පෝ සහ පෙරට්ටෝ ලෙසද
සිංහල බෞද්ධ,සිංහල කතෝලික දෙමළ
හිංඳු මුස්ලිම් ලෙසද
බෙදී පිල් හදාගෙන
ධනවාදය, සමාජවාදය, නොයෙක් දර්ශන මත දේශපාලනික මත දරමින්
චිරාත්කාලයක් කුලල් කාගනිමින් ඉන්න මිනිසුන් ය.

එහෙත් අප සැම පොදුවේ එකඟවිය යුතු සාදනීය සහ යතාර්ථවාදී
සත්යයක් ඇත.
කවුරුන් හෝ වේවා හිංසනයට , මර්ධනයට,බලපෑම් වලට
අසාධාරණයට ලක් වූවොත්
උන් වෙනුවෙන් මිනිසුන් වශයෙන් කතා කල යුතුය.
පක්ෂ පාට ආගම් කුල නොබලා
පුරවැසියන් හැටියට
මහජනතාවගේ පැත්තේ හිටගත යුතුමය....



ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කල යුතුය..!

අන්ත අසරණ වූ මොහොතක
මහජනතාවට තව තවත් පීඩා දෙමින් කවුරුන් හෝ සැප විඳිනවා නම්
රට, සමාජය වෙනුවට තම තමන් පමණක් දියුණු කරගන්නවා නම්,
රට හදනවා වෙනුවට විකණනවා නම්
එයට විරුද්ධව හඬ නැගිය යුතුය.
දූෂණ , වංචා,අක්රමිකතා පිටුදැකිය යුතුමය!

රටේ පුරවැසියන් වෙනුවෙන් නැගී සිටිය යුත්තේ එම රටේ පුරවැසියන්මය....
වැරැද්ද දුටු තැන ප්රශ්න කරනාවනම් මොකා බලයට ආවත් හරියට වැඩ කරනු ඇත!

ලොකු මිනිහාට තුනට හතරට නැවෙන නීතිය
පොඩි මිනිහාව උස්සන් විසි කර
පාගා දමන ආකාරයට එරෙහි විය යුතුය..


අප දැන් නිහඬ නම්
එම අසාධාරණය දිනක ඔබ අප සොයා ගෙන ආ තැන
ඔබ අප වෙනුවෙන් කතා කරන්න
එකෙක් ඉතිරි නොවනු ඇත! 

Thursday, June 23, 2022

අදහස් ලෝඩ් කරගන්න!


 අදහස්, මත, විවේචන, කර්ක ලියන්න කියන්න බය වෙන්න ඕනද?

නැත්තම් බය කිරිල්ලක් මර්ධනයක් යනවද?

එහෙම කරවනවා නම් හිත්තවනවා නම් ඒකත් ත්රස්තවාදයක්!

කතා කරන්න හිතෙද්දිත් කට පුක වහන් හිටපං කියල යටි හිතින් සිග්නල් එකක් දෙන ගානට අපිව බය කරලා...
නැත්තම් ඔව්ව වෙනස් කරන්න බෑ බං කියලා
හිතට තමන්ම කියන ගානට
පසුගාමියො කරලා...
වහල්ලු කරලා!

නැත්තම් ජනප්රිය දෙයක් හරි , දෙයක් බලෙන් මාධ්ය හරහා ජනප්රිය කරල රැල්ලක් හදනවා අනිත් ප්රශ්න සේරම අරකට අමතක වෙලා යන්න!!!

එහෙමත් නැත්තම්
තියන ප්රශ්න වැහෙන්ඩ ප්රශ්න පිට ප්රශන දාලා ඔලුව හිල් කරලා ලෝඩ් එක වැඩි වෙද්දි පල්ලෙහායින් ගලාගෙන ගිහින් අමතක වෙන්ඩ.

"උඹට පුලුවන් දෙයක් කරපං අපි බය නෑ! " කියලා නීතියටවත්, පොලීසියටවත් බය නැති උන්, නීතිය නවන උන් , නිදියන වුන් අදහස් වලට බය මෙච්චර???

ඇයි වෙනස් මිනිස්සුන්ට බය?

මොකද අදහස් තමයි ලෝකයේ ඕනම සමාජයක පුනරුදයක් ඇති ක⁣රන්නේ...

අදහස් තමයි මේ චෞර වංශයම දවසක බිමට ඇදලා දාලා යහපත් සමාජයක් හදන්න මුල පුරන්නේ!

අතීතයේ රැදී නොසිට වර්ථමනය ප්රශ්න කරමින්
වඩා හොඳ අනාගතයක් හදන්න උත්සහ කරන්නේ...

ඉතින් දැනෙනවද දෙයක්?

කතාකරපල්ලා ඒ ගැන!

#breakthesilence 🤘🖤

Saturday, May 14, 2022

Friday, March 18, 2022

Kalpitiya Sri lanka




When The Winds Of Change Blow, Some People Build Walls, Others Build Windmills..!

Monday, October 11, 2021

අදුර පරයා .


අදුරේ යතාර්ථය තේරුම් ගන්නේ නම් හිරු උදා කර දීමට අහස සූදානම් වනු ඇත!

Saturday, October 2, 2021

Friday, April 23, 2021

Yukthiya Wenuwen (යුක්තිය වෙනුවෙන්)

"අවදිවෙමු අපි නිහඬ නිද්රා සිහිනයෙන් "
යුක්තිය වෙනුවෙන්..
හඬක් නැගිය යුතු ඕනෑම කාලයක පෙරට එන ඇය.. ❤
- Dr. Nanda Malini

Tuesday, August 11, 2020

Monday, April 27, 2020

WM Entertainment

Here is my Business  Fb page!
Link - WM Entertainment
WM Entertainment with an eye of a detailed and a creative mind set offers variety of services via Digital Media with "every kind of Graphics and Media Solutions" - Sri Lanka.
Also adding a Professional Value on your special day we cover all kinds of events such as; Weddings, Parties, Short Film Productions, Concerts , Events , Graphic designs  and so on

Rise Of A Nation
















Album cover design for customer request .
UDITHA - Rise Of A Nation (සඳ පායන්නේ PsyTrance Remix )
Manipulated drawing copyrights - Prasanna Weerakkodi

Link -  Rice of a Nation

Sunday, April 19, 2020

මැවුම්කාරිණීය

හොදටම වැටිල කෙලවෙලා ආත්ම විශ්වාසෙ නැතිම වුනොත් පොඩ්ඩක් පැත්තකට වෙලා බලපං අම්ම දිහා!