අම්මා ඇතුළට ගිය පසු
දොරවල් හැමවිටම වගේම නිහඬව වැහෙනවා,
කාලය එතැන
බිත්තියේ ඔරලෝසුවක් නැතුවත්
දිගටම ගමන් කරනවා..
එතැනින් ටිකක් දුර
කළු පාට පූසෙක්
මුලින් මාව නොදැක්කා වගේ ජීවත් වුණා
මමත්
මගේ බිය
මගේ නිහඬ ප්‍රශ්න
ඇතුළත තියාගෙන හිටියා
දැන්
මාව දැක්කම
එයා ලඟට ඇවිත්
බැල්මක් දාලා
"ඤාව්"
කියලා ආයෙත් නොදන්නා තැනකට අතුරුදහන් වෙනවා,
එක විනාඩියක් පමණක්
මගේ ලෝකය බිඳීඌ
දිහා ඉබේටම බැලෙනවා
ඌ
"හැමදේම හරියයි" කියනවා!
සමහර වෙලාවට
ජීවිතේ
අපිව රැකගන්නේ
මිනිස්සු නොව
නැවතත් නොපැමිණෙන
පූසන්ගේ කෙටි බැල්මකින්!
ඉතින්
නමක් නැති පූසෝ—
මට මතක් කරපු නිසා
තවමත්
මම මෙතන ඉන්නවා කියලා
ස්තූතියි! ❤️🙏
